Wednesday, February 04, 2026
Follow Us
කෝබ් සැලඩ්

මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගු ණයෙන් ඉහළයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-

අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්

(කොළ මැලවීම අඩුවෙනි)

කුකුළු මස් ග්‍රෑම් 100ක්

බේකන් ග්‍රෑම් 100ක්

චෙරි ටොමැටෝ ග්‍රෑම් 100ක්

ලූනු කොළ ස්වල්පයක්

තම්බපු බිත්තර 2ක්

මෙයොනේස් සෝස්

තක්කාලි

සාදන ක්‍රමය :-

01. කුකුළු මස් තම්බා කැබැලිවලට කපාගන්න. බේකන් බැදගන්න.

බිත්තර තම්බා හතරට කපාගන්න. තක්කාලි ගෙඩිවල මදය ඉවත්කර කැබලිවලට කපා ගන්න.

02. මේ සියල්ල මිශ්‍රකර මෙයොනේස් සෝස් එකතු කරන්න. සලාද කොළ තබන්න.

එයට උඩින් ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක දමන්න.

ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක සාදන ආකාරය

1. මෙයොනේස් සෝස් මේස හැඳි 2ක්, අබ ක්‍රීම් තේ හැන්දකට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න.

2. ඔලිව් තෙල් තේ හැඳි 2 - 3 ක් ගෙන ඉසින්න. විනාකිරි තේ හැඳි දෙකක් දමන්න.

3. කුඩා බ්ලෙන්ඩර් කප් එකකට මේ සියල්ල දමා ගසා ගන්න.

 

Tharunie