Wednesday, March 25, 2026
Follow Us
ස්වීට්කෝන් සැලඩ්

අපගේ ආහාරයට අඩුවෙන් එකතුවන ගුණදායක බඩ ඉරිඟු මඟින් මෙය සාදා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

ස්වීට්කෝන් පැකට් හෝ ටින් 1ක්

ලොකු තක්කාලි ගෙඩියක්

අලිගැටපේර ගෙඩියක්

මාළුමිරිස් කරලක්

මිශ්‍ර සලාද කොළ ග්‍රෑම් 100ක්

පාස්ලි මේස හැන්දක්

යෝගට් ඩ්‍රෙසින් හෝ ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින්

සාදන ක්‍රමය:-

1. තක්කාලි ගෙඩිය සිහින් කැබලිවලට කපා ගන්න. අලිගැටපේර ගෙඩිය පොත්ත ඉවත්කර කැබැලිවලට කපා ගන්න.

2. මාළුමිරිස් ඇට ඉවත් කර කපාගන්න.

3. මේ සියලුම දේ සලාද කොළ හා ස්වීට් කෝන් ඇතුළුව එකට මිශ්‍ර කරන්න.

4. යෝගට් ඩ්‍රෙසින් හෝ ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.

 

Tharunie