Wednesday, February 04, 2026
Follow Us
පාන් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා පොඩ්ඩට දෙන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් පොඩ්ඩා ආසාවෙන් රස බලාවි.

මේ සඳහා බිත්තරයක්, පාන් පෙති දෙකක්, දියර කිරි කෝප්ප 1/2ක්, ගම්මිරිස් ස්වල්පයක්, බටර් තේ හැඳි දෙකක් සහ සරසා ගැනීමට කෙසෙල් ගෙඩියක් හෝ පිපිඤ්ඤා පෙති දෙකක් සහ සලාද කොළයක් අවශ්‍යයි.

මුලින්ම වියළි බඳුනකට බිත්තරය එක්කර ගෑරුප්පුවකින් ගසා ගන්න. එයට දියර කිරි සහ ගම්මිරිස් එකතුකර මිශ්‍රකර ගන්න. පාන් පෙති දෙක එයට දමා හොඳින් පොඟවා ගන්න.

ඉන්පසු පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතුකර පාන් පෙති දෙකේම දෙපැත්ත දමා පිස ගන්න. ඉන්පසු පාන් පෙති දෙක එකමත එක තබා බබාගේ ලන්ච් බොක්ස් එකට දමා රූපයේ පරිදි සලාද කොළ සහ පිපිඤ්ඤා පෙති තබා ලස්සන කරගන්න.

Tharunie