Wednesday, February 04, 2026
Follow Us
නූඩ්ල්ස් ඔම්ලට්

තම්බපු නූඩ්ල්ස් කප් 2ක්, බිත්තර දෙකක්, අමු මිරිස්, ලීක්ස්, ලූනු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු මේ සඳහා අවශ්‍යයි.

බිත්තර දෙක අරගෙන බීට්කර ගන්න. ඒකට ලුණු, මිරිස් කුඩු, කහකුඩු, කපාගත් අමු මිරිස්, ලූනූ සහ ලීක්ස් එක්කර ගන්න.

බටර් දාපු පෑන් එකකට බිත්තර මිශ්‍රණයෙන් භාගයක් දාන්න. ඒකට උඩින් තම්බාගත් නූඩ්ල්ස් ටික අතුරලා ඒ උඩින් ආයෙත් බිත්තර මිශ්‍රණය වත්කරන්න. පියනකින් වසා අඩු ගින්දරේ පිසගන්න.

Tharunie