Wednesday, February 04, 2026
Follow Us
තෝසෙ

හැමදාම හදන තෝසෙ එකට මේ විදිහට වෙනසක් එකතු කරලා බලමු. ඒ සඳහා පාන් පෙති 10ක්, රුලං කප් 1/2ක්, හාල් පිටි තේ හැඳි 2ක්, මීකිරි කප් 1/2ක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

පාන් පෙතිවල වාටි ඉවත් කරගෙන මැද කොටස බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න. එයට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක්කර බ්ලෙන්ඩ්කර ගන්න. තෝසේ පදමට දියාරු මදි නම් අවශ්‍ය පමණ මීකිරි එකතුකර ගන්න.

කැමති නම් ලූනු, කරපිංචා සහ අබ තෙම්පරාදුවක් එක්කර සාමාන්‍ය පරිදි තෝසේ සාදාගන්න.

-Tharunie