Wednesday, February 04, 2026
Follow Us

ක්ලවුඩ් එග්ස් හදන්න බිත්තර සුදුමද 2ක්, බිත්තර කහමද 2ක්, ලුණු ටිකක් සහ සුදු ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍යයි.

අවන් එක සෙල්සියස් 180ට රත් කරගන්න. 

බිත්තර සුදුමද ටික හිමවාගේ පෙනුමක් එනතෙක් බීට්කර ගන්න. ලුණු හා සුදු ගම්මිරිස් කුඩු දාලා ස්පැචූලා එකෙන් පොඩ්ඩක් කලවම්කර ගන්න. 

දැන් බේකිං ට්‍රේ එකකට ඔයිල් ටිකක් ගාලා මේකෙන් හැඳි දෙකක් දාලා පොඩ්ඩක් තවරාගන්න. බිත්තර කහමදය දාන්න මැද්දෙන් පොඩියට වළක් වගේ හදන්න. 

දැන් මේක විනාඩි 4ක් අවන් එකට දාලා එළියට අරන් කහමදේ පරිස්සමින් මැද්දෙන් තියලා තවත් විනාඩි 2ක් බේක්කර ගන්න. 

Tharunie