Wednesday, February 04, 2026
Follow Us
බිත්තර රහිත කැරට් කේක් එකක් සාදා රස බලමු

විනාඩියෙන් කැරට් මග් කේක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක්

(මේස හැඳි 3ක ප්‍රමාණය )

වියළි මිදි මේස හැඳි 1ක්

පිටි මේස හැඳි 6ක්

සීනි මේස හැඳි 4ක්

කිරි මේස හැඳි 4ක්

එළවළු තෙල් මේස හැඳි 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

ලුණු ස්වල්පයක්

වැනිලා තේ හැඳි 1/4ක්

සාදන ක්‍රමය

පිටි, කුරුඳු කුඩු, ලුණු, බේකිං පවුඩර්, සීනි එකට එකතුකර කලවම්කර ගන්න. එයට කැරට්, වියළි මිදි ද එක් කරන්න. එළවළු තෙල්, කිරි, වැනිලා ද එකතුකර හොඳින් කලවම් කරන්න. මේ ප්‍රමාණ වලින් කෝප්ප දෙකකට සෑදිය හැකියි. මග් දෙකක් ගෙන මිශ්‍රණය හැන්දකින් එක් කරන්න. විනාඩි එකක් මයික්‍රෝවේව් එකේ තබාගන්න. වැඩි රසට ක්‍රීම් චීස් හෝ බටර් ක්‍රීම් අයිසිං යොදාගෙන කෑමට ගන්න..

Tharunie