Wednesday, February 04, 2026
Follow Us
චොක්ලට් බනානා මග් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් භාගයක්

බිත්තර 1ක්

පිටි මේස හැඳි 2ක්

කොකෝ පවුඩර් තේ හැඳි 2ක්

සීනි මේස හැඳි 3ක්

කිරි මේස හැඳි 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

වැනිලා තේ හැඳි 1/4ක්

ලුණු චුට්ටක්

සාදන ක්‍රමය

කෙසෙල් ගෑරුප්පුවකින් හොඳින් පොඩි කරගන්න. පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර්, ලුණු, සීනි කලවම්කර ගන්න

එයට බිත්තර 1, කිරි, කෙසෙල් එකතුකර කලවම්කර ගන්න. කොටස් දෙකකට බෙදා කෝප්ප දෙකකට එක්කර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබා කේක් හදාගන්න.

මයික්‍රෝවේව් එකේ හදද්දී ගොඩක් වෙලා තියන්න එපා, උපරිම විනාඩි 3යි. ඊට වඩා තියලා හදලා දරුවන්ට දෙන්න එපා.. ඒ වගේම හුඟක් වෙලා තිබ්බම කේක්වල සොෆ්ට් ගතිය නැතිවෙලා තද ගතියක් එන්නේ, ඒ නිසා විනාඩියෙන් දෙකෙන් හදන්න.

මෙම කේක් වැඩි වෙලා තියාගන්නේ නැතුව නිවුණු ගමන් කෑමට ගන්න එතකොට තමයි රස. ඔයාලගේ මයික්‍රෝවේව් එක ගැන දැනුවත් වෙන්න කෝප්පයකට භාගයක් වෙන්න එක් කර හදලා බලන්න පිපෙන විදිහ සහ වෙලාව බලාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විවිධ රසට දරුවන් ඉල්ලු හැටියේම හදලා දෙන්න.