Wednesday, February 04, 2026
Follow Us
මාළු ඩෙවල්

කුකුළු මස් කන්නේ නැති කෙනෙක් එහෙම හිටියොත් ඒ අයට හරියන මාළු ඩෙවල් එකක් හදලා තිබ්බොත් හොඳයි නේද? ඒ අයටයි මේ මාළු ඩෙවල් එක.

තෝර මාළු ග්‍රෑම් 500ක්, ලොකු ලූනූ ග්‍රෑම් 50ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, තක්කාලි ගෙඩි 02ක්, අමු මිරිස් කරල් 05ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක්, තක්කාලි සෝස් තේ හැඳි 5ක්, සීනි ස්වල්පයක් සහ ඉඟුරු ස්වල්පයක් අවශ්‍යයි.

පළමුව තෝර මාළු කුඩා කැබලිවලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ලූනූ ගෙඩි 4ට පළා පියලි ගලවා ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත්කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ළිපේ තබා රත්වූ විට තළාගත් ඉඟුරු, සුදුලූනූ, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලූනු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ළිපෙන් බා ගන්න.

 

-Tharunie