Wednesday, February 04, 2026
Follow Us
කුරක්කන් හැලප

කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, ගාගත් පොල් කෝප්ප 1ක්, ලුණු ටිකක්, හකුරු කෝප්පයක්, කරදමුංගු ඇටයක් සහ වතුර ස්වල්පයක් අවශ්‍යයි.

 මුලින්ම හකුරු ටික ළිපේ තියලා රත්කර ගන්න. දියවෙනකොට කරදමුංගු ඇටය දාලා ඒකටම පොල් ටිකත් දාලා කලවම් කරලා පැණිපොල් එක හදාගන්න. 

ඊළඟට මේකට කුරක්කන් පිටි, ලුණු හා වතුර දාලා නොඇලෙන පදමට හැලප මිශ්‍රණය හදාගන්න. 

කැන්ද කොළවල තෙල් ගාලා මිශ්‍රණයෙන් ටික ටික දාලා කොළේ නවලා තුනී කරන් විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න.