Monday, May 06, 2024
Follow Us
බෙරලිය පිට්ටු

බෙරලිය පිට්ටු හදාගන්න ටිකක් අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ශ්‍රී ලංකාවට මේවා ආවේණිකයි.

සිංහරාජ, කළුතර සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්වල නිවර්තන තෙත් වනාන්තරවල බෙරලිය ගස් සුලබයි.

කෑමට සුදුසු ආකාරයට බෙරලිය ගෙඩි සකස් කරන විට පොත්ත ඉවත් කර කහට ගතිය ඉවත්වන තුරු දින කිහිපයක් ජල බඳුනක තැබීමට සිදුවේ. ඉන්පසු බෙරලිය ගෙඩිවල මදය තලා සකසා ගත යුතුයි. පිට්ටු සඳහා යොදාගන්නේ එයයි.

බෙරලිය ග්‍රෑම් 200ක්, හාල්පිටි  ග්‍රෑම් 200ක්, පොල් අවශ්‍ය පමණ සහ ලුණු අවශ්‍ය පමණ අවශ්‍ය වේ.

ඉස්සෙල්ලාම බෙරලිය ගෙඩි හොඳින් සෝදලා අරගෙන වේලුණාට පස්සේ කොටාගන්න ඕනි. ඒකට හාල්පිටි, පොල් සහ ලුණු එකතු කරලා සාමාන්‍ය විදියට පිට්ටු හදනවා වගේම හුමාලයෙන් තම්බා ගන්න ඕනි.

 

-Tharunie