Wednesday, February 04, 2026
Follow Us
කරවිල පානය

සිංහල අලුත් අවුරුද්දට නිතරම පැණිරසවලින් බඩ පුරවා ගත්ත උදවියට නම් කියාපු පානයක්. දියවැඩියාව තියෙන අයට කොහොමත් ගුණදායකයි කියලයි හැමෝම කියන්නේ.

මේ සඳහා පෙති කපාගත් කරවිල කෝප්ප 1ක්, පොඩියට කපාගත් දෙහි බෑයක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

මුලින්ම කරවිල හා දෙහිවලට වතුර කෝප්ප 1ක් දාලා ලුණු දාලා  හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 

දැන් මේක හොඳට පෙරලා අරන් කැමති නම් සීනි ටිකක් දාලා බොන්න. දියවැඩියාව තියන අය නම් සීනි දාන්න අවශ්‍ය නෑ.

Tharunie