Wednesday, February 04, 2026
Follow Us
නිල් කිරිබත්

අවශ්‍ය දේවල්

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පොල් කිරි මිලිමීටර් 500 ක්

අවශ්‍ය පමණ වතුර

ලුණු ස්වල්පයක්

නිල් කටරොළු මල් 15 ක් පමණ

සාදන ආකාරය

මුලින්ම කටරොළු මල් ටික හාල් තැම්බෙන්න තරම් අවශ්‍ය උණු වතුරට දමා තැම්බෙන්න හරින්න. විනාඩි 15 ක් පමණ යන විට මල්වල සියලුම පැහැය ජලයට එකතු වී තිබේ. දැන් හාල් ටික හොඳින් සෝදා අප සකසා ගත් කටරොළු මල් ජලය (මල් පෙරා ඉවත්කර ගත යුතුයි.) හාල් එකට දමන්න. ලුණු ස්වල්පයක් ද එකතුකර හාල් ටික තම්බා ගත යුතුයි. වතුර හිඳී හාල් තැම්බුණු පසු පොල් කිරි එකතුකර කිරිබත පිස ගන්න. දැන් එය කැමැති නම් කැට කපාගන්න. ඔබට කැමැති හැඩයකට සකසා පිළිගන්වන්න.

Tharunie