Thursday, May 02, 2024
Follow Us
සහල් කිරිබත්

බොහෝ නිවෙස්වල ඉතාමත් බහුලව මෙම සහල් කිරිබත සාදනු ලබන අතර සෑම කෙනෙක්ම පාහේ මෙය ආහාරයට ගැනීමට ඉතාමත්ම ප්‍රිය කරයි.

• රතු හෝ සුදු කැකුළු සහල්

• පොල් කිරි හෝ එළකිරි

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

*සාදන ආකාරය

සෝදාගත් සහල්වලට අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා, ලුණු අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රකර ළිප තබා බත පිස ගන්න. පසුව කිරි එකතුකර ගන්න. බතේ ගුණාත්මක බව හා ගුණය වැඩිකර ගැනීමට ගිතෙල් හැඳි 3ක්, එනසාල්, වියළි මිදි එකතුකර ළිපෙන් බා කෙසෙල් කොළයක් මත තුනීකර නිවුණු පසු කෑලි කපාගන්න.

Tharunie