Wednesday, February 04, 2026
Follow Us
නෙළුම් පෙති පකෝරා

ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල්වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

නෙළුම් පෙති 10 - 15ක්, බිත්තර 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, පාන් පිටි මේස හැඳි 2ක්, කඩල පිටි මේස හැඳි 1ක් සහ බැදගැනීමට තෙල් අවශ්‍යයි.

පළමුව නෙළුම් පෙති සෝදලා වතුර වේළාගන්න. බිත්තරය කඩලා ඒකට පාන්පිටි, කඩල පිටි, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, කහ කුඩු ඔක්කොම එකතු කරලා වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න. දැන් නෙළුම් පෙති එකින් එක මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න.

-Tharunie