Thursday, March 26, 2026
Follow Us
මඤ්ඤොක්කා රොටී

හැමදාම කන පොල් රොටියෙන් එහාට ගිය රොටියක් මේක. මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200 (මඤ්ඤොක්කා පිට්ටු සඳහා පිළියෙල කරගත්), පාන්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක්, රම්පේ, කරපිංචා ස්වල්පයක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් බී ලූනු ග්‍රෑම් 50ක් සහ බටර් ස්වල්පයක් අවශ්‍ය වේ.

පළමුව මඤ්ඤොක්කා පිටි හා පාන්පිටි මිශ්‍ර කරන්න

ඒකට බී ලූනු, රම්පෙ, කරපිංචා, අමු මිරිස් එකතු කරන්න. එයටම ගාගත් පොල්, ලුණු හා බටර් එක්කර හොඳින් අනාගන්න. ඕනෙ නම් වතුර ටිකකුත් දාගන්න

ඊට පස්සෙ මේ මිශ්‍රණය කැමති විදියට කොටස් වෙන් කරලා රොටී හදාගන්න. එහෙම හදාගත්තු රොටිය රත් වුණු තැටියක දමා දෙපැත්ත පුච්චා ගන්න.

Tharunie