Thursday, March 26, 2026
Follow Us
මඤ්ඤොක්කා බයිට්

බයිට් වෙවී කන්න වෙනස්ම කෑමක් ගෙනාව ඔන්න. මේක නිකම් ඉන්න වෙලාවට හදලා හප හප ඉන්න කියාපු බයිට් එක.

මඤ්ඤොක්කා අලයක්, ලුණු, මිරිස් කුඩු සහ බැද ගැනීමට තෙල් ස්වල්පයක් අවශ්‍යයි.

 මුලින්ම මඤ්ඤොක්කා පොතු අයින් කරලා දිග අතට තීරු කපාගන්න. ඊට පස්සෙ ඒ ටික බාගෙට තම්බාගන්න.

ඒ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.

බැදගත්තු මඤ්ඤොක්කා තීරුවලට ලුණු කුඩු හා මිරිස් කුඩු ඉහළා කෑමට ගන්න.

Tharunie