Thursday, May 08, 2025
Follow Us
මඤ්ඤොක්කා පිට්ටු

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

හැබැයි මඤ්ඤොක්කා පිට්ටු ගිලපු කෙනෙක් ගොළු වෙලා ඉන්නවනම් ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, මඤ්ඤොක්කා පිට්ටුවල රස විස්තර කරන්න වචන ගළපන්න බැරි නිසා.

මේ සඳහා වියළාගත් මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200ක්, හාල්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක් සහ උණු වතුර ස්වල්පයක් අවශ්‍ය වේ.

මුලින්ම පොතු ඇරලා කපලා හෝදගත්තු මඤ්ඤොක්කා ටික පොඩියට වෙන්න කපලා අව්වේ වේළගන්න.

ඊට පස්සෙ වේළා ගත්තු මඤ්ඤොක්කා ටික කොටාගෙන, හලාගෙන මඤ්ඤොක්කා පිටි ටික හදාගන්න. දැන් භාජනයක් අරගෙන මඤ්ඤොක්කා පිටි හා හාල් පිටි එකතු කරන්න.

එයට ගාගත්තු පොල්, ලුණු සහ වතුර එකතු කරලා කැට හිටින විදියට කලවම් කරගන්න.

මේ විදියට කැට කරගත්තු මිශ්‍රණය පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න.