Saturday, April 27, 2024
Follow Us
මුරුංගා තේ ඔබව නිරෝගීව තබයි

අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වාභාවික පානයන් සඳහා අවධානය ලබා දීම ඉතාම වැදගත් වේ.මෙවැනි ස්වාභාවික පානයන් අතරින් මුරුංගා තේ සඳහා මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිළිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ. 

මුරුංගා කොළ මඟින් සකසන ලද තේ පානය මේ වනවිට දේශීය වෙළෙඳපොළේ පවා බොහෝ ප්‍රචලිත වී තිබේ. මේ මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ඔබේ ශරීරයේ හැඩය මැනවින් පවත්වාගෙන යෑම සඳහාත් හැකියාව ලැබේ.

මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරනු ලැබේ. ඔබේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සෘජුවම මෙම පානය බලපායි. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් දහනය කිරීමට මුරුංගා තේවලට හැකියාව තිබේ. මෙම මුරුංගා තේවල ප්‍රතිඔක්සිකාරක බොහොමයක් සහ පොලිෆීනෝල් සංයෝග ‍රැසක් ද අඩංගු වේ. මේ නිසා ඔබේ රුධිරයේ තිබෙන අනවශ්‍ය මේදය ඉවත් කොට ශරීරයට නිරෝගී සහ ආකර්ෂණීය හැඩයක් ලබා දීමටත් මුරුංගා තේවලට හැකියාව තිබේ.

මුරුංගා තේවලට ඔබේ රුධිර පීඩනය අවම කිරීමට ද පුළුවන. වෙ‍ෙළඳපළේ ඇති ඇතැම් පාන වර්ග භාවිතය හරහා ඔබේ රුධිරයේ තිබෙන රුධිර පීඩනය ඉහළ යෑම හේතුවෙන් තවත් බොහෝ රෝගවලට අතවැනීමක්, ඔබටත් නොදැනීම සිදු වේ. නමුත් මුරුංගා තේ වැනි ස්වාභාවික පානයක් ලබා ගැනීම තුළින්, රුධිර පීඩනය අවමකර ගැනීමට ඔබට හැකියාව ලැබේ. විවිධ බෙහෙත් කරල් වර්ගවලට හුරු නොවී මෙවැනි ස්වභාවික පානයන් තුළින් ඔබේ රුධිරයේ පීඩනය අවම කරගත හැකි නම් එය බොහෝ වටින බව නොඅනුමානය.

Tharunie