Wednesday, February 04, 2026
Follow Us
පේර පෑන් කේක්

පොඩිත්තන්ට ගැළපෙනම ආහාරයකි. හදන්නත් පහසුයි.

මේ පේර පෑන් කේක් එක හදන්න ඇට අයින්කර කපාගත් පේර ගෙඩි 2ක්, පාන්පිටි කෝප්ප 1ක්, කුඩුකර ගත් සීනි කෝප්ප 1/2ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, බිත්තර 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 පේර ටික වතුර ටිකක් දාලා හොඳට ග්‍රයින්ඩ්කර ගන්න. දැන් මේක පෙරළා යුෂ ටික අරන් ඒකට පාන්පිටි ටික හලලා එකතු කරන්න. කුඩුකර ගත් සීනි, ලුණු හා බේකිං පවුඩර් ටිකත් දාගන්න. බිත්තර 2ක් දාලා හොඳට ගසාගන්න. දැන් තෙල් ගාගත් පෑන් එකකට බැටර් එකෙන් ටික ටික දාලා පෑන් කේක් හදාගන්න.