Wednesday, February 04, 2026
Follow Us

අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි වැනි ජෑම් වර්ගවල රස බලා ඇතත් ඔබ තවමත් රසම රස පේර ජෑම්වල රස බලා නැතිව ඇති. එහෙම නම් රස පේර ජෑම් එකක් හදන්න දැන් පුළුවන්.

ඒ සඳහා හොඳින් ඉදුණු පේර ගෙඩි 5ක්, සීනි ග්‍රෑම් 300ක් සහ ලෙමන් යුෂ මේස හැඳි 2ක් පමණයි අවශ්‍ය වන්නේ.

මුලින්ම පේර ටික කෑලි කපාගන්න. භාජනයකට වතුර ලීටර් 1 1/2ක් වගේ දාලා පේර කෑලි ටික දාලා ළිපේ තියන්න. විනාඩි 30ක් විතර හොඳට තම්බාගන්න. ඊළඟට පේර කෑලි අයින් කරලා වතුර වෙන්කරගන්න. දැන් මේ පේර තැම්බූ වතුර ආයෙ ළිපේ තියලා අඩු ගින්දරේ උණු කරගන්න. මේකට සීනි එකතු කරන්න. විනාඩි 30ක් විතර හැඳිගාමින් පිසගන්න. ඊළඟට ලෙමන් යුෂ ටික දාගන්න. ද්‍රාවණයේ පාට වෙනස් වෙනවා පෙනෙයි. පැයක් වගේ යනකොට මේක ටිකක් ඝන මිශ්‍රණයක් වෙනවා පෙනෙයි. උඩ පාවෙන බුබුළු හෙමින් අයින් කරගන්න. මිශ්‍රණය හොඳටම ඝනකම් වූ පසු ළිප නිවා මිශ්‍රණය නිවෙන්න තියන්න. පැය 6ක් මේ විදියටම තියලා ආයෙ හැඳිගාලා ළිපේ තියන්න. අඩු ගින්දරේ විනාඩි 5ක් විතර හැඳිගාන්න. දැන් ළිප නිවලා අායෙමත් නිවෙන්න තියන්න.

-Tharunie