Wednesday, June 24, 2026
Follow Us
පේර චට්නි

අරපිරිමැස්ම ගැන හිතනා ගෘහණියන්ටයි මේ චට්නි එක. සති කිහිපයක් වුණත් තියාගෙන ආහාරයට ගත හැකි නිසා මෙවැනි චට්නි එකක් සාදාගෙන තබා ගැනීම ලොකු පහසුවක්.

මේ සඳහා කපාගත් පේර ගෙඩි 3ක්, කොත්තමල්ලි කොළ කෝප්ප 1ක්, සුදුලූනූ බික් 5ක්, ඉඟුරු කෑල්ලක්, අමු මිරිස් කරල් 2ක්, සූදුරු තේ හැඳි 1ක්, දෙහි බෑයක යුෂ සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 ග්‍රයින්ඩර් එකට පේර හා අනික් සියල්ලම දාලා හොඳට ග්‍රයින්ඩ්කර ගන්න. දැන් මේක බෝල් එකකට දාලා දෙහි යුෂ දාගන්න. හොඳට කලවම්කර ගන්න. සකසා ගත් චට්නි එක වීදුරු බෝතලයක අසුරා තබන්න.