Thursday, March 26, 2026
Follow Us

මේ පේර මසාලා එක පේර අච්චාරුවලට තරමක් සමාන වුණත් මෙය රසෙන් ඉහළයි. ඒ වගේම වෑංංජනයක් ලෙස ආහාරයට එකතුකර ගන්නත් පුළුවන්.

මේ පේර මසාලා එකට කෑලි කපාගත් පේර ගෙඩි 2ක්,

තළාගත් අමු මිරිස් කරල් 2ක්, තළාගත් ඉඟුරු කෑල්ලක්,

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු, අබ සෝස් තේ හැඳි 1ක් සහ මිරිස් කුඩු තේ හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම වංගෙඩියට අමු මිරිස්, ඉඟුරු හා කොත්තමල්ලි කොළ දාලා රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දාලා හොඳට තළාගන්න. මේක කපාගත් පේරවලට දාලා අබ සෝස් දාගන්න. එයටම මිරිස් කුඩු ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.

Tharunie