Thursday, March 26, 2026
Follow Us
හදමු ද රසම රස ලෙමන් මොහිතෝ එකක්

මේ මොහිතෝ එක හදන්න මින්චි කොළ ස්වල්පයක්, ලුණු තේ හැඳි 1/2ක්, සීනි තේ හැඳි 1ක්, දෙහි ගෙඩියක්, අයිස් කියුබ් සහ ස්ප්‍රයිට් මිලිලීටර් 250ක් අවශ්‍ය යි.

මුලින්ම අපි දෙහි ගෙඩිය සිහින් පෙතිවලට කපාගන්න ඕනෙ. ඉන්පසුව එම දෙහි පෙති ටික කෝප්පයකට දාලා අපි කලින් ලෑස්ති කරගත් මින්චි කොළ, ලුණු සහ සීනී ටික එම කෝප්පයටම දාගෙන දෙහි යුෂ එන තෙක් තළාගන්න. මතක තියා ගන්න ගොඩාක් තළන්න එපා. පැඟිරි රස වැඩි වුණොත් ඇඹුල් මිශ්‍ර තිත්ත ගතියක් එන්න පුළුවන්.

ඊට පස්සෙ අයිස් කියුබ් ටිකක් දාලා ස්ප්‍රයිට් ටික දාලා ඇතුලේ තියෙන සියලුම දේවල් ටික ස්ප්‍රයිට් ටිකත් එක්ක කලවම් වෙන විදියට හැන්දක් භාවිතයෙන් පොඩ්ඩක් කලවම් කරගන්න. මේ විදිහට හදාගත්ත මොහිතෝ එක පිළිගන්වන්න කළින් ලස්සන කරගන්නත් ඕනේ. ඒකට සීනි පොඩ්ඩක් තවරගත්තු දෙහි පෙත්තක් කෝප්පයේ කටින් රඳවගන්න. අවශ්‍ය නම් පොඩි මින්චි දල්ලකුත් උඩින් තියාගන්න. දැන් හරිම ලස්සනයි වගේම හරිම රස බීමක්. රස බලන්න කලින් ඇස පිනවීමයි වැදගත්. දැන් ඉතින් රස කර කර බොන්නයි තියෙන්නෙ.

Tharunie