Thursday, March 26, 2026
Follow Us
බේකන් රැප්ඩ් පොටෑටෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

දිග කොටු කපා තම්බාගත් අල හෝ බතල

බේකන් තීරු

සුදු විනාකිරි තේ හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

තම්බාගත් අලවලට විනාකිරි සහ සීනි එක්කර විනාඩි 15ක් පමණ තියාගන්න.

අල කැබැල්ලක් ගෙන බේකන් තීරුවකින් ඔතා ටූත්පික් එකකින් රඳවා ගන්න. ඔයිල් ස්ප්‍රේ කරගත් තැටියක තබා සෙල්සියස් අංශක 180ට රත්කරගත් උඳුනක විනාඩි 35ක් පමණ බේක් කරගන්න

 

-Tharunie