Thursday, February 05, 2026
Follow Us
ඉටැලියන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව්තෙල් මේස හැඳි 4ක්

සිහින්ව ලියාගත් ලූනූ ගෙඩියක්

සිහින්ව කපාගත් කැරට් අලයක්

තළාගත් සුදු ලූනූ මේස හැඳි 2ක්

සිහින්ව ලියාගත් සැල්දිරි ස්වල්පයක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 6ක්

පාස්තා කෝප්ප 1ක්

ඔරිගානෝ ස්වල්පයක්

ලුණු රස අනුව

නිවිති ටිකක්

පාමසාන් චීස්

චිකන් මීට්බෝල්ස් 6-7ක්

භාජනයකට තෙල් ටිකක් දාලා කපාගත් එළවළු, ලූනූ සහ සුදු ලූනූ සියල්ලම දාලා තෙම්පරාදු කරගන්න. 

මේකට කුකුළු මස් තැම්බූ වතුර එකතුකර නටනකල් ළිපේ තියන්න. ඊළඟට පාස්තා ටිකත් දාගන්න. ‍රස අනුව ලුණු දාලා ඔරිගානෝ එකතු කරන්න. කලවම් කරලා තවත් විනාඩි 10ක් තම්බාගන්න. 

ඊළඟට මේකට මීට්බෝල්ස් ටික දාලා, නිවිති ටිකත් දාලා විනාඩි 2ක් විතර හැඳි ගාලා ළිප නිවාගන්න. උඩින් ඔලිව්තෙල් ටිකක් ඉහලා පාමසාන් චීස් දාගන්න.

- Tharunie