Thursday, February 05, 2026
Follow Us
ජින්ජර් ගාලික් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තළාගත් ඉඟුරු තේ හැඳි 2ක්

තළාගත් සුදුලූනු බික් 8ක්

තෙල් ස්වල්පයක්

සිහින්ව ලියාගත් කැරට් අල 1ක්

වතුර කෝප්ප 2ක්

කෝන්ෆ්ලා මේස හැඳි 1ක්

ලුණු හා ගම්මිරිස් කුඩු 

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු හා සුදුලූනු ටික දාගන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. අනතුරුව කැරට් ටික දාගන්න. 

ටිකකින් වතුර කෝප්ප 2ක් දාගන්න. කෝන්ෆ්ලාවලට වතුර ටිකක් දාලා දිය කරගන්න. සුප් එකට ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න. 

ඊළඟට කෝන්ෆ්ලා මිශ්‍රණය දාලා හැඳිගාන්න. මිශ්‍රණය ගන වේගෙන එනකොට තළාගත් කොත්තමල්ලි කොළ ටික දාගන්න. තව ටිකක් ගන වෙන්න තියලා ළිපෙන් බාගන්න.

- Tharunie