Thursday, February 05, 2026
Follow Us
සීත කළ තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි ගෙඩි 3ක්

කොළ පාට බෙල් පෙපර් කෑල්ලක්

ලූනූ ගෙඩියක් 

ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ සාමාන්‍ය කිරි කෝප්ප 1/2ක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

සීනි තේ හැන්දක්

පළමුව තක්කාලි උණු ජලයට දමා විනාඩි 5 ක් වසා තබන්න. එවිට පහසුවෙන් පොතු ඉවත් වෙනවා. ඉන්පසු පොතු ඉවත්කළ තක්කාලි, බෙල් පෙපර්, ලූනූ, ගම්ඹිරිස්, සීනි සහ ලුණු එකට දමා මේ සියල්ලම බ්ලෙන්ඩි කරන්න.

ඉන් පසු මෙය ශීතකරණයේ තබන්න.

පිළිගන්වන විට ෆ්‍රෙෂ් ක්‍රීම් උඩින් දමන්න.