Thursday, February 05, 2026
Follow Us
ඕට්ස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඕට්ස් මේස හැඳි 5ක් පමණ

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

ලූනූ ගෙඩියක්

සුදු ලූනූ බික් 2ක්

තක්කාලි සෝස්

තෙල් ස්වල්පයක්

කැමති මස් වර්ගයකින් ග්‍රෑම් 75ක් පමණ

පළමුව ලූනූ ගෙඩිය කුඩාවට කපා ගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට තෙල් දමා රත් කර එයට කපා ගත් ලූනූ දමා බැද ගන්න. පොඩියට කපාගත් මස් ද එකතුකර මඳ වේලාවක් තෙම්පරාදුකර එයට වතුර එකතු කරන්න.

වතුර නටද්දී ඕට්ස්, ගම්මිරිස්, පොඩියට කපාගත් සුදු ලූනූ,  තක්කාලි සෝස් එකතු කර මිශ්‍ර කරගන්න. අවසානයට රස අනූව ලුණු එකතුකර රස බලන්න.

Tharunie