Thursday, March 26, 2026
Follow Us
ඩෙවල් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් කිලෝග්‍රෑම් 1
ලූනු ග්‍රෑම් 100


අමු මිරිස් ග්‍රෑම් 20
මාළු මිරිස් ග්‍රෑම් 10
තක්කාලි ග්‍රෑම් 100
සුදු ලූනු ග්‍රෑම් 20
ඉඟුරු ග්‍රෑම් 20
ලීක්ස් ග්‍රෑම් 50
කෑළි මිරිස් ස්වල්පයක්
සෝයා සෝස්
තක්කාලි සෝස්
සාදාගන්නා ආකාරය

කුකුල් මස් පොඩියට කපා ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, සෝයා සෝස් දමා කලවම් කර පැය බාගයක් වසා තබා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් රත් වූ පෑන් එකකට සුදු ලූනු, ඉඟුරු, ලූනු සිහින්ව කපා එකතුකර පසුව එයට මාළු මිරිස්, අමු මිරිස් දමාගන්න. තක්කාලි සෝස්, ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් ස්වල්පයක් දමා බැදගත් කුකුල් මස් සහ තක්කාලි එකතු කරගන්න.