Monday, June 09, 2025
Follow Us
බිට් අච්චාරුව

අච්චාරු කා අතරත් ජනප්‍රිය වන අතර මැලේ අච්චාරු ඇතුළු අච්චාරු වර්ග රැසක් තිබේ.කෑම පිසීම කලාවක් කරගත්තු කෙනකුගේ අතින් පිළියෙලවන අච්චාරුවෙන් වෑහෙන රසය මතක් වේ.

බීට් අච්චාරුව

බීට් රූට් ගෙඩි 4ක්

අමුමිරිස් කරල් 4ක්

රතුලූනූ ගෙඩි 4ක්

ඉඟුරු, සුදුලූනූ පේස්ට් තේ හැඳි 1ක්

අඹරාගත් අබ ස්වල්පයක්

විනාකිරි කෝප්ප 1ක්

එනසාල්, කරාබු නැටි කිහිපයක්

සීනි කෝප්ප 1/2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

ලුණු

බීට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ළිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදුලූනූ පේස්ට් එක, එනසාල්, කරාබු නැටි දාගන්න.

මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න.

ඊලඟට බීට්රූට්, රතුලූනූ හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ළිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස් තුනකින් රස බලන්න.

- Tharunie