Thursday, June 25, 2026
Follow Us
ඉදිආප්පා කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඳිආප්ප 20

ඉස්සන් ග්‍රෑම් 50

මාළු ග්‍රෑම් 50

දැල්ලන් ග්‍රෑම් 50

ලික්ස් ග්‍රෑම් 20

කැරට් ග්‍රෑම් 20

කංකුං ග්‍රෑම් 20

ලූනු ග්‍රෑම් 50

සුදු ලූනු ග්‍රෑම් 10

ඉඟුරු ග්‍රෑම් 10

කෑළි මිරිස් ග්‍රෑම් 5

බිත්තර 2

පොල්තෙල් මේස හැඳි 3

රස අනුව ලුණු හා ගම්මිරිස්

සාදාගන්නා ආකාරය

ඉඳිආප්ප පොඩියට කඩා ගන්න. කැරට්, ලූනු, ලීක්ස්, කංකුං සිහින්ව කපාගෙන තෙල් රත් වූ භාජනයකට දමාගන්න. මද වේලාවකට පසු එයට ඉස්සන්, දැල්ලන් හා මාළු එකතුකර හොඳින් තෙම්පරාදු කර එයට ඉඳිආප්ප හා අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කරගන්න.

ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න

● අර්චිත ඉඳුවර

Nawaliya