Friday, March 29, 2024
Follow Us
බත් පතට වෙනස් රසයක්

වෙනස් රසයකින් යුතු ආහාර වේලක් රස විඳින්න කවුරුත් කැමැතියි.

පහසුවෙන් සපයා ගැනීමට හැකි දේවලින් වෙනස් රසයක් එන ලෙස ව්‍යාංජනයක් සැකසිය හැකි නම් එය ඔබට පහසුවක් වේවි. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ බත් පතට වෙනස් රසයක් ගෙන දීමට පහසුවෙන් සකසා ගත හැකි ව්‍යාංජනයක් සහ වෙනස් රසයකින් යුතු චිලි පේස්ට් එකකි. මෙය ඔබේ බත් පත තවත් රසවත් කිරීමට සමත් වේවි.

පේර ඇඹුල

පේර ගහක් දෙකක් වත්තේ තිබෙනවා නම් ඔබට පහසුවෙන් සාදා ගත හැකි ව්‍යාංජනයකි. දවසින් දවස වෙනස් රසයක් ගෙන දෙන පේර ඇඹුල එකම ආකාරයේ ව්‍යාංජන රස විඳි ඔබට සැබෑම වෙනසක් ලබා ගැනීමට කදිමයි.

ඒ සඳහා

හොඳින් ඉදුණ පේරගෙඩි 4-5ක්

රතුලූනු ගෙඩි 3-4ක්

සුදුලූනු බික් 4-5ක්

අමු මිරිස් කරල් 3-4ක්

අවශ්‍ය නම් කුඩා තක්කාලි ගෙඩියක්

බැදපු මිරිස් කුඩු මේස හැන්දක්

අමු තුනපහ මේස හැඳි 2ක්

රම්පේ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

අබ ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

තෙල් ස්වල්පයක්

ලුණු රස අනුව

කහ කුඩු ස්වල්පයක්

පේර ටික සෝදා හතරට පලා ඇට ඉවත් කරන්න. අතේ මහපටැඟිල්ල ආධාරයෙන් පහසුවෙන් ඇට ඉවත් කරගත හැකියි. මෙම ඇට ඉවත් කරගත් පේර කැබැලි දෙකට කපා ගෙන ලුණු හා කහ කලවම් කරන්න.

බඳුනකට තෙල් ස්වල්පයක් දමා ළිප තබන්න. එය රත්වන විට අබ, උළුහාල්, රම්පෙ, කරපිංචා, සිහින්ව කපා ගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස් ආදිය දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට මිරිස් කුඩු, තුනපහ ආදිය ද දමන්න. පසුව පේර කැබැලි ටික ද මෙයට එකතු කරන්න. හොඳින් කළවම් කරගෙන මඳ ගින්නේ පිසගන්න. මෙය තැම්බීමට වැඩි වේලාවක් ගත නොවේ.

උපදෙස්

ශ්‍යාමලී රාජපක්ෂ

 

Tharunie