Thursday, February 05, 2026
Follow Us
රුව වඩවන හීන් බෝවිටියා මිල්ක් ෂේක්

හීන් බෝවිටියා මිල්ක් ෂේක් හදන්න අපිට මෙන්න

මේ දේවල් වුවමනා කරනවා

 

හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 100ක් පමණ

අයිස් ක්‍රීම් ග්‍රෑම් 100ක්

රතු සීනි තේ හැඳි 2ක්

වතුර කෝප්ප බාගයක්

 

එහෙනම් අපි බලමු කොහොමද හීන්බෝවිටියාවලින් මිල්ක් ෂේක් හදාගන්නෙ කියලා.

 

හීන් බෝවිටියා කොළ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප බාගයක් පමණ එක්කරගන්න. හොඳින් කොටාගෙන යුෂ පෙරා ගන්න. බ්ලෙන්ඩරය සෝදා ගෙන එයට අයිස් ක්‍රීම්, සීනි සහ පෙරාගත් හීන් බෝවිටියා කොළ යුෂ එක්කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.

 

වීදුරුවලට වත්කර අවශ්‍ය නම් අයිස් ක්‍රීම් උඩින් දමා පිළිගන්වන්නත් පුළුවන්

Tharunie