Thursday, February 05, 2026
Follow Us
සෝයා මීට් සලාදය

තම්බා වතුර මිරිකා ගත් කට්ල් ෆිෂ් සෝයා මීට්

යෝගට් හෝ මී කිරි මේස හැඳි 2ක්

අමුවෙන් සලාදයකට එකතු කර ගන්න

පුළුවන් සිහින්ව ලියාගත් එළවළු වර්ග

කිහිපයක් (ගෝවා, කැරට්, ලූනු කොළ, බෙල්

පෙපර්, පිපිඤ්ඤා)

ලියාගත් බී ලූනු ගෙඩියක්, අමුමිරිස්

ලියාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්

ලුණු, ගම්මිරිස් පදමට

අවශ්‍ය නම් උම්බලකඩ කැබලි ටිකක්

ඔබ මසාලා රසට කැමැති නම් මසාලා

පවුඩර් ස්වල්පයක්

සෝයා මීට් භාජනයකට දමා ඉතුරු සියලුම දේවල් එකතු කර පොඩි නොවන සේ හැන්දකින් කලවම් කර සලාදය සාදා ගන්න. මෙය කෑමට ගැනීමට ළං වෙලා තමයි හද ගන්න ඕනේ. ඉක්මනින් සාදා ගත හැකි රසවත් සලාදයකි.

Tharunie