Thursday, February 05, 2026
Follow Us
සෝයා නගට්ස්

තම්බා ගත් සෝයා මීට්

පාන් පිටි මේස හැඳි 1ක්

රුලං ස්වල්පයක් (අත්‍යවශ්‍ය ම නෑ)

කඩල පිටි හෝ කෝන් පිටි

මේස හැන්දක්

ලුණු හා ගම්මිරිස් පදමට

බිත්තරයක්

පාන් කුඩු

බැදීමට තෙල්

 

මුලින්ම සෝයා මීට්වල වතුර මිරිකා හැර ලුණු කුඩු ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න.

දැන් බැටර් එක හදා ගනිමු.

කඩල පිටි, පාන් පිටි, බිත්තරය හා රුලං ටික භාජනයකට දමා ලුණු හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් ඝනකමත් නැති දියාරුත් නැති බැටර් එකක් හදා ගන්න.

සෝයා මීට් එකින් එක බැටර් එකේ තවරා ඉන්පසු පාන් කුඩුවල තවරා එක් වරකට 6ක් වගේ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද තෙල් බේරෙන්න තියා සෝස් වර්ගයක් සමඟ උණුවෙන් කෑමට ගන්න.

Tharunie