Thursday, February 05, 2026
Follow Us
මඤ්ඤොක්කා කොත්තු

තම්බා ගත් මඤ්ඤොක්කා ටිකක් (පින්තූරයේ වගේ

පිහියකින් කොටා කුඩා කැබලි කපා ගන්න)

අබ ටිකක්

තළාගත් සුදුලූනු

ලියාගත් අමුමිරිස්, කරපිංචා, තක්කාලි, ලීක්ස්, කැරට්,

ලූනු කොළ, ලියාගත් කොච්චි ටිකක් හා බී ලූනු

සෝයා සෝස්, තක්කාලි සෝස් හා පැස්ටා සෝස් මේස

හැන්ද බැගින්

Fried Rice Seasoning තේ හැඳි 2ක් (සුපිරි

වෙළෙඳසල්වල ඇත. එහෙත් මෙය අවශ්‍යම නැත)

පදමට ලුණු හා මිරිස් කුඩු

කුකිං ඔයිල්

කුකිං ඔයිල් ටික ළිපේ තියා රත් කරන්න. එයට අබ දමා පුපුරුවන්න. ඒකටම තළාගත් සුදුලූනු, කරපිංචා, අමුමිරිස්, තක්කාලි හා බී ලූනු දමා බැදෙන්න හරින්න. දැන් මඤ්ඤොක්කා හැර ඉතුරු සියල්ලම දමා තවත් ටික වෙලාවක් බැදෙන්න හරින්න. අවසානයේ එයට මඤ්ඤොක්කා ටික එකතුකර හොඳින් කලවම් කර කෑමට ගන්න.

Tharunie