Thursday, February 05, 2026
Follow Us
නිල් කටරොළු සරුවත්

(වීදුරු 2ක් සඳහා)

නිල් කටරොළු මල් 20ක් පමණ

සීනි ඔබේ රස අනුව

කස කසා ඇට තේ හැඳි 2ක්

අයිස් කැට

උතුරන වතුර කෝප්ප 2ක්

මුලින්ම මල් ටික හොඳින් සෝදා භාජනයකට දාන්න. දැන් මල් වැහෙන්න උතුරන වතුර කෝප්ප 2ක දමා හොඳින් නිවෙනකම් වසා තබන්න. ඒ අතරේ කස කසා ඇටත් කෝප්පයකට දමා ඇල් වතුර මේස හැඳි 2ක් එකතුකර පසෙකින් තබන්න.

නිවෙන්න තියපු වතුර එක ලස්සන නිල් පැහැයක් ගන්නවා. එහි මල් ටික අයින් කර පෙරා ගන්න. දැන් නිල් පැහැ වතුර, අයිස් කැට හා සීනි එකට මිශ්‍ර කරන්න. උඩින් කස කසා ඇට දමා රස විඳින්න.

Tharunie