Thursday, February 05, 2026
Follow Us
චිලි ගාර්ලික් ප්‍රෝන්ස්

ශුද්ධ කර ගත් ලොකු ඉස්සන් 8ක්

සුදුලූනු බික් 6ක් (සිහින්ව ලියාගත්)

ඉදුණු රතු පැහැති මිරිස් කරල් 3ක්

පාස්ලි මිටක්

බටර් ග්‍රෑම් 100ක්

දෙහි යුෂ තේ හැඳි 1ක්

පැප්රිකා කුඩු (තිබේ නම්)

පෑන් එකකට බටර් දමා සුදුලූනු සහ මිරිස් එකතුකර තත්පර 30ක් පමණ මඳ ගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සන් එකතු කර මිනිත්තු දෙකක් පිසගන්න. පසුව එයට ලූනු, කපාගත් පාස්ලි, දෙහි යුෂ එකතු කරගන්න. කලවම් කරන ලද පාස්ලි ඉස්සන් මත දමා බැඳීමට ඉඩ හරින්න. අවසානයට පැප්රිකා ස්වල්පයක් ඉස පිළිගන්වන්න. මෙය ගාලික් ටෝස්ට් සමඟ හෝ පස්තා සමඟ ආහාරයට ගත හැකියි.

Tharunie