Thursday, February 05, 2026
Follow Us
චිකන් ඇන්ඩ් මෂ්රූම් සුප්

කටු රහිත චිකන් ග්‍රෑම් 500ක්

හතු ග්‍රෑම් 200ක්

පාන් පිටි කෝප්ප ½ක්

ලුණු තේ හැඳි ½ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

සුදුලූනු මේස හැඳි 2 (සිහින්ව

ලියාගත්)

රටලූනු ගෙඩි 2ක් (කොටුවට

කපාගත්)

කුකිං ක්‍රීම් කප් 1ක්

බීජෝන් මස්ටර්ඩ් තේ හැඳි 1ක්

ඔලිව් තෙල් මේස හැඳි 2ක්

 

මඳ ගින්නේ පෑන් එක ළිප තබා චිකන් ලූනු, සුදුලූනු, ලුණු එයට එකතු කරගන්න. බටර් තේ හැන්දක් සහ ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් එයට එකතු කර මඳ ගින්නේ පිසගන්න. ඉන්පසු එයට හතු, බීජොන් මස්ටර්ඩ් එකතු කරන්න. එයට පාන් පිටි එකතු කර වතුර කෝප්ප 1 ½ක් දමා මඳ ගින්නේ උකුවන තුරු පිසගන්න. අවසාන වශයෙන් කුකිං ක්‍රීම් ද එයට එකතු කර තත්පර 30ක් පමණ ළිප තබා එයින් බා ගන්න. ඉන්පසු පිළිගැන්වීමේ භාජනයකට දමා පාස්ලි ඉත්තක් ගසා එය පිළිගන්වන්න. මෙය 5 දෙනකුට සෑහේ.

Tharunie