Friday, March 27, 2026
Follow Us
කොච්චි දලු හා නාරං යුෂ මිශ්‍ර පොල් සම්බෝල

පොල් කෝප්පයක්

කොච්චි දලු කිහිපයක්

රතුලූනු හෝ බී ලූනු

නයි මිරිස්

ලුණු පදමට

මිරිස් කුඩු

නාරං යුෂ

කුඩාවට කපාගත් කුඩා

තක්කාලි ගෙඩියක්

 

 

 

රතු ලූනු, නයි මිරිස්, මිරිස් කුඩු, තක්කාලි, කොච්චි දලු හා ලුණු කුඩු ටික වං ගෙඩියක දමා හොඳින් කොටා ගන්න. නැත්නම් මිරිස් ගලේ අඹරා ගන්න.

දැන් කොටාගත් මිශ්‍රණය පොල් ටිකත් සමඟ හොඳින් අතින් අනා ගන්න.සම්බෝලේ අනන ගමන් එයට නාරං යුෂ හා පදමට ලුණු එකතු කරන්න.

අවශ්‍ය නම් මැටි භාජනයක් ළිපේ තියා සම්බෝලේ පොඩ්ඩක් මලවා ගන්නත් පුළුවන්.

Tharunie