Thursday, February 05, 2026
Follow Us
කොස් මෆින්

හොඳින් පැසුණු කොස්

මදුළුවලින් සාදාගත් කොස්

පල්ප් කෝප්ප 1ක්

පිටි කෝප්ප 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

බේකිං සෝඩා තේ හැදි 1/4ක්

බිත්තර 2ක්

ලුණු ස්වල්පයක්

තෙල් කෝප්ප 1/2ක්

වැනිලා තේ හැඳි 1ක්

කිරි කෝප්ප 1/2ක්

සීනි කෝප්ප 3/4ක්

 

 

 

 

පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා එකට මිශ්‍රකර හොඳට හලාගන්න. සීනි දිය වෙනතුරු බිත්තර හා සීනි හොඳින් බීට් කරන්න. කොස් පල්ප් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. වැනිලා එකතු කරන්න. පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතුකර ස්පතුලා (spatula) එකකින් පෙරලමින් මිශ්‍රකරන්න. සාදාගත් මිශ්‍රණය මෆින් ට්‍රේ එකට දමා සෙල්සියස් අංශක 180ට පෙර රත් කරගත් අවන් එකකට දමා විනාඩි 35-40ක් පමණ බේක් කරගන්න

 

 

Tharunie