Thursday, February 05, 2026
Follow Us
කොස් ඩෙවල්

තීරු කපා බැදගත් කොස් ග්‍රෑම් 250ක්

තරමක කැබලි කපාගත් තක්කාලි ගෙඩි 1ක්

කපාගත් මාළුමිරිස් කරලක්

කෑලි කපාගත් ලීක්ස් ස්වල්පයක් (සුදු පාට කොටස)

කපාගත් ලොකු ලූනු ගෙඩියක්

තළාගත් ඉඟුරු, සුදු ලූනු තේ හැඳි 1ක්

සීනි තේ හැඳි 1/2ක්

කෑලි මිරිස් තේ හැඳි 2ක්

කහ තේ හැඳි 1/4ක්

තක්කාලි සෝස් මේස හැඳි 1ක්

ලුණු රස අනුව

තෙල් මේස හැඳි 1ක්

 

 

 

භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර රත්වෙන්නට හරින්න. එයට ඉඟුරු, සුදුලූනු සහ ලූනු එක්කර තෙම්පරාදු කරන්න. ඉන්පසු මාළුමිරිස්, තක්කාලි සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න. කෑලි මිරිස්, කහ, ලුණු, සීනි සහ තක්කාලි සෝස් එක්කර හොඳින් මිශ්‍රකර එයට බැදගත් කොස් එක්කරන්න. එය හොඳට කලවම් කරමින් මිනිත්තුවක් පමණ පිසගන්න.

Tharunie