Thursday, February 05, 2026
Follow Us
අසමෝදගම් කොළ සම්බෝලය

අසමෝදගම් කොළ මිටියක්

පොල් ස්වල්පයක්

දෙහි ගෙඩියක යුෂ

අමු මිරිස් කරල් දෙක තුනක්

සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි කිහිපයක්

රස පදමට ලුණු

 

 

 

අසමෝදගම් කොළ ටික හොඳින් සෝදා තෙත බේරෙන්නට පසෙකින් තබන්න.

දැන් සිහින්ව ගා ගත් පොල් ටිකට රතුලූනු, අමු මිරිස් සිහින්ව කපා එකතු කරන්න. එයටම රස අනුව ලුණු සහ දෙහි යුෂ ටික ද එකතු කර හොඳින් පොඩි කරන්න.

අනතුරුව තෙත බේරෙන්නට තැබූ අසමෝදගම් කොළ ටික ද සිහින්ව කපා මෙයටම මිශ්‍ර කරගන්න.

Tharunie