Thursday, February 05, 2026
Follow Us
නෙළුම් අල අච්චාරුව

නෙළුම් අල 2ක්

සෝයා මීට් පැකට් 1ක්

අමු මිරිස් කරල් 10 - 15ක්

මිරිස් කුඩු මේස හැඳි 2ක්

ලුණු

අඹරාගත් අබ මේස හැඳි 1ක්

අමු ඉඟුරු මේස හැඳි 1ක්

හතු පැකට් 1/2ක්

රතුලූනු හෝ ලොකු ලූනු ග්‍රෑම්

100ක්

විනාකිරි කෝප්ප 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තෙල්

සුදුලුනු බික් 4 - 5ක්

සීනි මේස හැඳි 2 - 3ක්

 

නෙළුම් අල පොත්ත සූරා සෝදා ගෙන රවුම් පෙති කපාගන්න. හතු සෝදා සිහින්ව ඉරා ගන්න. සෝයා මීට් පොඟවා මිරිකා ගන්න. ඉන්පසු මේ සියලුම ද්‍රව්‍ය වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් ද්‍රව්‍ය වෙනම තබා එම තෙලටම දමා රතුලූනු හා අමු මිරිස් යාන්තමින් බැදගන්න.

විනාකිරිවලට මිරිස් කුඩු, කහ කුඩු, අඹරාගත් අබ, අඹරාගත් ඉඟුරු හා සුදුලුනු, ලුණු එක්කර ළිප තබා උතුරවා ගන්න. එසේ උතුරවා ගත් මිශ්‍රණයට බැදගත් නෙළුම් අල, හතු හා සෝයා ටික එක්කර රතුලූනු හා අමුමිරිස් ටිකක් එකතු කරන්න.

ඉන්පසු මෙම අච්චාරුවට සීනි ටිකක් ද දමා හොඳින් කළවම් කර රස බලා අවශ්‍ය නම් සීනි, ලුණු එක්කර ඉන්පසු සංග්‍රහයට ගන්න. මෙය ඉතා රසවත්ය.

(Tharunie)