Thursday, February 05, 2026
Follow Us
පේර ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

පේර ග්‍රෑම් 500ක් (හොඳින් ඉදුණු ගෙඩි)

සීනි ග්‍රෑම් 500ක්

වතුර කෝප්ප 2 1/2ක්

දෙහි ඉස්ම කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව පේර ගෙඩි සියල්ල කුඩා කැබැලිවලට කපාගන්න. ඉන්පසුව එයට වතුර

කෝප්ප 2ක් දමා හොඳින් තම්බා ගන්න. එලෙස තම්බාගත් පේර ටික හොඳින් හැන්දකින් පොඩිකර ගන්න. එය පෙරා එහි වතුර ටික පමණක් අරගෙන එයට සීනි එකතුකර ගන්න. එය හොඳින් ළිපේ තබා ඝන වනතුරු උණුකර ගන්න. එයට දෙහි ඉස්ම එකතුකර මිශ්‍රණය හොඳින් තලපයක් වන තෙක් උණුකර ගන්න. දැන් ළිපෙන් බා බෝතලයක අසුරා ගන්න.

(Tharunie)