Thursday, February 05, 2026
Follow Us
දිවුල් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු දිවුල් ගෙඩි 2, 3ක් (ග්‍රෑම් 500ක් පමණ)

සීනි ග්‍රෑම් 500ක්

ලුණු කුඩු තේ හැදි 1ක්

වතුර කෝප්ප 2ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2ක් (එනසාල්)

 

සාදන ක්‍රමය

පළමුව දිවුල් ගෙඩිවල මද සූරාගෙන එයට වතුර සහ සීනි එකතුකර බ්ලෙන්ඩර්කර ගන්න. මේ සමඟම පදමට ලුණු ද එකතුකර ගන්න. දැන් ළිප මත තබා හොඳින් උණුකර ගන්න. මිශ්‍රණය හොඳින් ඝන වූ පසුව ළිපෙන් බා එනසාල් කුඩු ස්වල්පයක් එකතුකර බෝතලයක අසුරා ගන්න.

(Tharunie)