Friday, March 27, 2026
Follow Us
ස්ටෝබෙරි ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ටෝබෙරි ග්‍රෑම් 500ක්

සීනි ග්‍රෑම් 400ක්

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

ස්ටෝබෙරි ගෙඩි ටික සෝදා පොඩියට කපා ගන්න. (බ්ලෙන්ඩර් කරන්න එපා) එය භාජනයකට දමා සීනි, අවශ්‍ය පරිදි ලුණු එකතුකර ගන්න. මිශ්‍රණය හොඳින් කලවම්කර ළිප තබා තම්බා ගන්න. මෙය විනාඩි 30ක් පමණ මෙලෙස උණුකර ගත යුතුයි. ඉන්පසුව ළිපෙන් බා බෝතලයක අසුරා තබා ගන්න.

(Tharunie)