Thursday, February 05, 2026
Follow Us
ගස්ලබු ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණ ගස්ලබු ග්‍රෑම් 500ක පමණ ගෙඩියක්

සීනි ග්‍රෑම් 500ක්

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව ගස්ලබු ගෙඩියේ ලෙලි සහ ඇට ඉවත්කර එය කෑලි කපා බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු භාජනයකට දමා එයට සීනි සහ රස පදමට ලුණු එකතුකර හොඳින් උණුකර ගන්න. තලපයක් සේ සෑදුණු පසුව ළිපෙන් බා ගන්න. දැන් භාජනයක අසුරා ගැනීමෙන් කල්තබා ගත හැකියි.

 

(Tharunie)