Thursday, February 05, 2026
Follow Us
අටු කොස් සහ අටු දෙල් සකස් කර ගන්නා අයුරු

හොඳින් පැසුණු කොස් මදුළු තීරු කපාගන්න. කපාගත් කොස් මදුළු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. තම්බා වතුර පෙරාගත් කොස් මදුළු ලොකු තැටියක අතුරා තද අව්වේ වියළා ගන්න. අටු දෙල් සැකසීම සඳහා දෙල් තීරු කපාගන්න. (පොත්ත සහ මැද දාරය අයින් කර) කපාගත් දෙල් තීරු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. ඉන්පසු හොඳින් අතුරා තද අව්වේ වියළා ගන්න. දවස් දෙක තුනක් තද අව්වේ වියළා ගැනීම ප්‍රමාණවත්. එලෙස වියළා ගත් කොස් සහ දෙල් හුළං නොවදින්න සේ භාජනයක අසුරා පියන වසා තබන්න.

වියළා ගත් අටු කොස් සහ අටු දෙල් හොඳින් හුළං නොවදින ලෙස අසුරා තැබුවේ නැත්නම් තිත්ත රහක් ගෙන එනවා. ඒ නිසා නොදැනුවත් කමින් හෝ හුළං වැදී යන්තම් තිත්ත රසක් වේ නම් අටු කොස් තම්බා වතුර පෙරා ගන්න. මේ දෙකම තම්බද්දී කහ ටිකක් එක් කරන්න.

(Tharunie)